Programmable Logic Controllers 2 3

ආයුබෝවන්…..

Programmable Logic Controllers 2 |ඔන්න ගිය සතියේ පොරොන්දු උන වගේ මේ සතියේ PLC පාඩමකුත් එක්කම අවා PLC
ඉගෙන ගන්න කලින් අපි පොඩ්ඩක් වටා පිටව ගැන ඉගෙන ගමු.

අපේ අතීතයේ ඉදන්ම කතා කලොත් අපි එක එක යුග පහු කරගෙන අවා
ඉතින් ඒ අතරින් කාර්මික විප්ලවය ,ලෝක යුද්ධය සමයන් අපේ ලෝකයේ තාක්ෂනය
දියුණු කරන්න ට ලොකු බලපෑමක් උනා.කොහොමහරි එවලින් මෙවලින් මිනිසාගේ
කාර්යයන් ඉටු කරන්න පොඩි පොඩි Mechanism එලියට අවා.(Mechanism එකක් කියන්නේ
නිකන් හරියට ලොකූ බර දෙයක් එහාට මෙහාට ගෙනියන්න ඒ කාලේ ලී කොටන් උඩ
පෙරලුවේ අන්න ඒ වගේ system එකක්)

Manual work System – මේ කියන්නේ මොකක් හරි ක්‍රියාකාරකම් කරන්න කිසිම
උපකරණයක් හෝ යන්තරයක් නැතුව අතින් කරන්න ගන්න එක.

ඊට පස්සේ අවා tools
යොදගෙන දේවල් කරන්න පලුවන් ක්‍රමයක් අව ඒවා තම worker machine system.

ඊටපස්සේ තම හොදම එක ආවේ
Automated System. කියන්නේ කව්රුහරි දීල තියන commands වලට අනුව එක දිගට
වැඩක්කරගෙන් යන්න පුළුවන් මැෂින් එකක්. ගොඩක් වෙලේට මේ වගේ මැෂින්
ක්‍රියාත්මක කරන්නයි ක්‍රියාවිරහිත කරන්නයි මිනිසකුගේ මැදිහත්වීමක් අවශ්‍ය වෙන්වා.

මේ commands වලට කියන්නේ logics (ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් අපි දෙනවා
උපදෙස් මෙන්න මේක උනොත් මෙන්න මේක කරන්න වගේ ….ප්‍රසාද් අය්ය logics gate
ගැන දල තිබ්බ tutorial එකක් AND , OR එක පොඩ්ඩක් අධ්‍යනය කරන්න )කියල. ඉතින්
PLC එකේ රාජකාරිය තමා programmer විසින් නිර්මාණය කරන ලද logics හරි ආකාරව
ක්‍රියාත්මක කරන එක. Programable logic controll කියන්නේ PLC කියන කෙටි යෙදුමේ
තේරුමයි. දැන් ඔගොල්ලන්ට තේරෙනව ඇති මොකක්ද මේ PLC කියන්නනේ මොකද්ද
මේකේ ප්‍රධාන කාර්ය වගේ මුලික දේවල්.(Input Output controlling according to the logics)

හරි දැන් අපි බලමු PLC වල වැඩි දුර තොරතුරු.PLC හදන නිෂ්පාදකයින් ලොව පුර විසිරිලා ඉන්නවා ඒ අතරින් ප්‍රදානම තැනක් ගන්න
ආයතනය තම Siemense ආයතනය මෙම ආයතනය ජර්මානු තාක්ෂණයෙන් තම මේ PLC
Unit නිපදවන්නේ

*Siemens AG
*Rockwell
*Mitsubishi
*Schneider
*Omron

මේ ඉහත සදහන් කරලා තියෙන්නේ දැනට ලෝකයේ ඉන්න සුප්‍රසිද්දම නිෂ්පාදකයෝ.PLC
වර්ගයෙන් වර්ගයට එහි තියන සමහර function වෙනස් වෙන්වා.

*කොහොමහරි PLC
එකක් programme කරන්න විශේෂ දැනුමක් අත්‍යවශ්‍ය වෙනවා.

*PLC එකට commands ලබා
දෙන්නේ Computer එකක් හරහා.

*ඉතින් PLC එක සහ අපි අතර සම්බන්දතාවයක්
ගොඩගන්න Software එකක් අවශ්‍ය වෙන්වා.

නිෂ්පාකය විසින් PLC එකක් සමග ඊට අදාල
Software එකත් ලබා දෙනවා.

Siemens PLC – Simatic Step7 / TIA portal
Wecon PLC – Wecon PLC editor
Omron PLC – CX programmer.

මේ වගේ Software තියනවා එක එක PLC වලට අදාලව. මේ tutorial එකේ ප්‍රදාන තැනක්
දෙන්නේ Siemens PLC වලට ඒ වගේම මේවා programme කරන්නේ LADDER කියල
Programme Method එකකින්.එක Software එකකින් LADDER ඉගෙන ගත්තම ඕනෑම
Software එකකට apply කරන්න පුළුවන්. එතකොට අපිට කරන්න තෙයෙන්නෙ Software
එක ඉගෙන ගන්න විස්තරයි ම්කෝ අපි theory ඉගෙන ගෙන් තියෙන්නේ.LADDER විතරක්
ම නෙමේ තව තියනව SFC වගේ ඒවා මන් ඒවා ඔක්කොම සරලව කියල දෙන්නම්.
හරි මම අද කලේ PLC intro. එකක් ගොඩක් ය මේවා දැනටමත් දන්නව් ඈති එත්
මන් මුල ඉදලම යන්න හිතුවේ ගොඩක් ය අසාවෙන් ඉන්න නිසා මුල ඉදල ගියාම ලොකු
වැදගත් කමක් තියන නිසයි.
PLC ගැන ඉගෙන ගනිද්දී ඉස්සෙල්ලම Pneumatics ගැන එහම පොඩි දැනුමක් තියෙන්න
ඕනේ මන් එක ඊලග සතියේ කරන්නම්. (Relays, Actuators , software එකක් අදුන්වල දෙනවා
එදාට Electro Pneumatics වලට )අද මන් මේ tutorial එක මෙතනින් නවත්තනවා. මන්
හිතනවා ඕගොල්ලෝ යමක් ඉගෙන ගන්න ඇති කියල. ගොඩක් යට මේක නිකන් Simple
දෙයක් වෙන්න ඇති. එඋනට අපි මුල ඉදන් යන්.

මේ වෙලාවේ මන් මතක් කරනවා මට PLC ගැන උගන්නපු ගුරුවරුන් දෙදෙනා
ආදරයෙන් ඒ වගේම ප්‍රසාද් අයියා මෙහම එකක් කරමු කියල idea එක දුන්න එක
ගැන සහ අනුරාධ අය්යටත් ස්තුති . බොහොම පින් ඒගොල්ලනට .
මෙම tutorial පිළිබද අදහස් දක්වන්න තව add වෙන්න් ඕනේ මොනාද යෝජනා චෝදනා
ඔක්කොම comment section එකේ දාන්න. එක අපි දෙගොලොන්ගේම දියුණුවට උදව් වේවි.
මේ මගේ FB page එක Like , comments දන්න අමතක කරනන් එපා..
Link – https://www.facebook.com/LK-Tronics-349974762194688/

..ස්තුත්යි…

3 Comments

  1. ඇත්තමයි නියම වැඩක්.මම මේ ගැන ගොඩක් හෙව්ව තොරතුරු දැනගන්න වගෙම ඉගෙන ගන්න..මේ දේ ගොඩක් ව⁣ටිනවා..දිගටම මෙය කරගෙන යන්න..ස්තුතියි.

    අමල්
    1. Ashen Premathilake

      බොහොම ස්තුතියි අමල් ඔබගේ ප්‍රතිචාරයට අපගේ ඊලග කොටස් කිහිපයක් තව නොබෝ දිනකින් නිකුත් වේ.

    2. super

      susantha udaya

Leave a Reply