DB එක කියන්නේ මොකක්ද? 5

DB එක කියන්නේ මොකක්ද

සුභ දවසක්,

මේ ලිපිය ලියන්න මං  හිතුවේ ගොඩක් අයට නිවාස වල තියෙන ද  ප්‍රධාන බෙදුම් පුවරුව පිළිබඳව යම්කිසි යම් කිසි වැටහීමක් ලබා දීමටයි.

හොඳයි මුලින්ම බලමු අපි ගෙදරට විදුලි එන්නෙ  කොහොමද කියලා .සාමාන්‍යයෙන් නම් ඔබ නිවසක් ඉදි කර ගත්තාට පසුව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයෙන් හෝ ලංකා විදුලි පෞද්ගලික සමාගමෙන් විදුලි බල සම්බන්ධතාවයක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ යුතු වේ .මෙහිදී ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයෙන් ද ,ලංකා විදුලි පෞද්ගලික සංගමයෙන් ද සම්බන්ධතාවයක් ලබා ගන්නවාද යන්න තීරණය කිරීම එම ප්‍රදේශයේ විදුලි නියෝජිතයා සතු බලයකි.

විදුලි බලය ඉල්ලන විට ඔබට මෙම සැපයුම single phase නොහොත් එකල සැපයුමක් ලෙස ලබා ගැනීමට ද හැකිය හැක.අවශ්‍ය නම් තෙකළා ( threephase ) සැපයුමක් ලෙසද ලබාගැනීමට හැක .මෙසේ එකල සැපයුමක් ද එකල සැපයුමක් දයන්න තීරණය කිරීම පාරිභෝගික කියා සතු අයිතියකි.

මෙම ලිපියේ දී අපි කතා කිරීමට කතා කිරීමට බලාපොරොත්තු වන්නේ single phase නොහොත් එකලා සැපයු  එකල සැපයුම පිළිබඳව

මේ ආකාරයෙන් ඔබ විදුලි බලය ලබා ගත්තාට පසුව ඔවුන් ඔබගේ නිවසට පැමිණ සම්බන්ධතාවය ලබා දීම සිදු කෙරේ.

එකල සැපයුම  ලබා ගැනීමේදී ,සැපයුම ලබා ගන්නා නිවසට හෝ ගොඩනැගිල්ලට විදුලිය ලැබෙන්නේ සන්නායක කම්බි දෙකකින් පමණි.

ඉහත දැක්වෙන පින්තූරේ ආකාරයට මෙම සම්බන්ධතාවය ලැබී අනතුරුව DB බෝඩ් එකට නැත්නම් ප්‍රධාන බෙදුම් වහරු වට සම්බන්ධතාවය ලැබේ. මෙතැන් සිට අපි කතා කරන්න යන්නේ මේ ප්‍රධාන බෙදුම් වහරුව නැත්තං මේ distribution board එක පිළිබඳව.

ඇතැම් ප්‍රදේශ වල ඇතැම් පුද්ගලයන් මෙම ප්‍රධාන බෙදුම් පුවරුව විවිධ නම්වලිනි හඳුන්වාදීම කරනු ලැබේ (Main switch , switch board, panel box, fuse box) නමුත් මෙම ආමන්ත්‍රණයෙන් කිසිසේත්ම පිළිගත නොහැකි අතර එය බැහැර කර යුතුයි .

හොඳයි දැන් මම හිතනවා ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ඇති කියලා කොහොමද distribution board එකට සැපයුම ලැබෙන්නේ කියලා .මෙතැන් ඉඳන් අපි බලමු distribution board එක ඇතුලෙ වෙන්නෙ මොකද්ද කියලා

මුලින්ම මම පැහැදිලි කරන්නම් මෙ distribution board එකක් මොකටද ස්තාපනය කරල තියෙන්නෙ කියලා.හිතන්න යම් කිසි අවස්ථාවක දී ඔබ නිවසේ භාවිතා කරන උපකරණයක (iron, Rice-cooker) විදුලි කාන්දුවක් සිදු වෙලා ඔබ ට විදුලි සර වැදුනා කියලා. ආරක්ෂක උපක්‍රම හරියට ක්‍රියාත්මක නොවුනොතින් සමහරවිට ඔබ මේ වෙනකොට ජීවතුන් අතර නැහැ.එහෙමත් නැත්නම් සදාකල් අබ්බගාත වෙලා.එහෙමත් නැත්තං සමහරක් විට විදුලි මිණි අනතුරක් ඇති වෙලා ඔබ ජීවත් වන නිවසත් අලු වෙලා.

 මේ වගේ අවස්ථාවක ඉතින් දෙයියො බුදුන් කවුරු හිටියත් වැඩක් නැහැ නිවසේ disrtibution බෝඩ් එකේ තියෙන උපකරණ හරියට ක්‍රියාත්මක වුණේ නැත්නම්. මෙන්න මේ නිසයි අපි නිවස තියෙන db එකට මේ තරම් වටිනා කම් දිය යුත්තේ .සමහර විට මෙ වගේ අත්දැකීම ඔබට දැනටමත් ඇති.නැතුවත් ඇති .කොහොම වුණත් අවදානමක් ගන්නවට වඩා සූදානම් සූදානම් වෙලා සිටින එක ශරීර සෞඛ්‍යයට හොඳයි .

දැන් අපි බලමු මේ distribution board එකේ එහෙමත් නැත්තං නැත්නම් db එක ඇතුලෙ තියෙන කෑලි මොනාද කියලා. මං මේ කෑලි එකිනෙකට ගොඩක් ලොකු විස්තරයක් කරන්නේ නෑ ලිපිය දිග වැඩිවෙන නිසා ඒවා වෙනම ලිපියකින් වෙනුවෙන් දවසක කරන්නම්.මේ ලිපියෙන් ප්‍රධාන අරමුණ වන්නේ සාමාන්‍ය දැනුම් තේරුමක් තියන ගෙදර දොරේ ගෘහනියකට  පවා මේ ගැන යම්කිසි සරල දැනුමක් ලබාගැනීමට හැකියාව ලබාදෙනනයි.

Db එකේ කෑලි බෑලි සහ උපකරණ

DB box

මේක ඉතිං ඇත්තම කියනවා නම් පෙට්ටියක්.මේ පෙට්ටියක් එක්ක පොඩි පියනකුත් එන්වා. ඕක තමයි ගෙදර ප්‍රශ්නයක් උනාම electrical technician ලා වැඩ්ඩෝ වගේ අරින්නේ.

Main Isolator / Main Switch

මෙයින් isolator එහෙමත් නැත්නම් ප්‍රධාන වෙන් කරන කියලා සිංහල භාෂාවෙන් අපි හඳුන්වනවා. දැන් මම අර කලින් පළ කරපු රූපය දිහා බලන්න (DB BOX) එය ආරම්බ වෙන්නේ main isolator කියන කොටසෙන්. මෙම උපකරණයේ ඇත්ත වශයෙන්ම ප්‍රධාන අරමුණ සැපයුමෙන් ලැබෙන සම්බන්ධතාවය TRIP switch හා mccb වෙත ගමන් කිරිම පරිපලනය කිරිමයි. (මේ කෑලි ගැන ඉස්සරහට කියන්නම් )

ලොකු දෙයක් නැහැ කෙටියෙන් කිව්වොත් ඔයා මේ main isolator ඒක off කරොතින් මුළු නිවසේම තියෙන විදුලිය නැති වෙනවා. On karothin ආපහු යථා තත්වයට පත් වෙලා විදුලිය ලැබේන්වා. මතකද ඔය ෆිල්ම් වල හෙම leaver එකක්වත් කරලා black out එකක් කරන්නෙ. අන්න ඒකෙ mini edition ඒක කියල මේක මතක තියාගන්නකෝ.

TRIP SWITCH {Residual Current Circuit Breaker (RCCB),Earth Leakage circuit Breaker (ELCB) }

Db එකේ හදවත කිව්වොත් නිවැරදියි. ඒ වගේම මිල අධිකම උප කාරණයක් මේක. Rs.3000 ඉඳලා Rs.30,000.00 විතර වෙනකම් මේ domestic Trip switch හොයාගන්න පුළුවන්. මේවා මිල තීරණය වන්නේ ඉතින් මේකෙ තියන කොලිටිය අනුව තමයි.

ඒ විතරක් නෙමෙයි ලක්ෂ 10 ට වගේ තියෙනවා හැබැයි ඒව නං ගෙවල් වලට පාවිච්චි කරන්න බැහැ  😂

පම්පෝරි ඔනි නැ මෙන්න මේකයි Trip switch එකෙන් වෙන්නේ සරලව.

හිතන්න බස් එකක් තියෙනවා.මේ බස් එකට ඉස්සරහා දොරෙන් මිනිස්සු නගිනවා. පස්සේ දොරෙන් මිනිස්සු බහිනවා.

හිතන්නකෝ ඉස්සරහා දොරෙන් බස් එකට නගින්න මිනිස්සු පිටිපස්සෙ දොරෙන් බහින්නේ නැතුව ජනෙල්වලින් පනිනවා කියලා.ඔන්න එතකොට බස් එකට තරහ යනවා.

Trip Switch එකේ ක්‍රියාකාරීත්වයත් මේ වගේම තමයි .මෙතනදි ඔයා Trip switch එක විදියටත් බස් එක සලකන්න. විදුලිය විදිහට බස් එකට නගින මිනිස්සුනව සලකන්න.

කලින් මම සඳහන් කළානේ විදුලි අනතුරක් වෙන්න පුළුවන් විදිය.ඒ කියන්නේ, විදුලියෙන් භාවිතා කරන උපකරණයක විදුලි කාන්දුවක් නිසා විදුලි ඔයාගේ ඇඟට විඩුලිය වදිනවා ඊට පස්සේ එම විදුලියෙන් යම්කිසි කොටසක් ඔයාගේ ඇඟ දිගේ ගිහිල්ලා පොළොවට යනවා.දැන් මේ වගේ වෙලාවට වෙන්නේ Trip switch එකට තරහ යනව වගේ වැඩක්.එතකොටම මෙයා කරන්නේ සම්පූර්ණයෙන්ම විදුලි සැපයුම කපා හරිනවා.ඒ කියන්නේ Trip switch එක ට්‍රිප් වෙනවා.


MCCB (Miniature Current Circuit Breaker) නොහොත් සිඟිති පරිපථ බිඳින

නිවසක උප පරිපථ වෙන්කිරීමේදී මෙම සිඟිති පරිපථ බිදින භාවිතා කරයි.උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් නම් අපි හිතමු සාමාන්‍ය පුංචි  ගෙදරක තියෙනවා කියලා පුංචි සාලයක් ,නිදන කාමරයක් ,කුස්සියක් සහ නාන කාමරයක්.එතකොට ඔක්කොම උප කොටස් හතරයි.ඒ අනුව අපිට කියන්න පුළුවන් උප කොටස් හතරට MCB 4i කියලා ? පුලුවන්ද ? ඇත්තටම පුලුවන්, හැබැයි ප්‍රයොගිකව බෑ 😂. ඒකට හේතුව නිවැසියන්ගේ රුචිකත්වය අනුව මෙම එක් එක් අනු කොටස් වල තියෙන විඩුලි උපකරණ වල ප්‍රමාණයන් අඩු වැඩි වීමක් වෙන්න පුළුවන් ඒ අනුව ඒකට ගැලපෙන MCB යොදාගන්නා ඕන. සම්මත MCB වෙළෙඳපොළ තුළ ලබා ගත හැක්කේ එක් ඒක ධාරිතාවයන් වලට අනුකුලවයි.

උදාහරණයක් වශයෙන් ඔබගේ සාලේ තියෙන ඔක්කොම උපකරණ වල බැර (load) amphere 14.5 යි කියලා හිතමු. එතකොට amphere 14.5 ටම ගැළපෙන ආකාරයෙන් mcb වෙළෙඳපොළ තුළ නැහැ. එතකොට ඊට ලගම තියන mcb එක තමා එම උප පරිපත කොටස සදහා සවි කරන්නෙ. එ කියන්නෙ ඇමිපියර් 13 එකකුයි තව ඇමිපියර් 2 එකකුයි. එහෙමත් නැත්නම් ඇමිපියර් 6 එකකුයි , ඇමිපියර් 10 එකකුයි.

මේක සම්පූර්ණයෙන්ම ගෙය වයරින් කරන කෙනාගේ කර්තව්‍යයක් . පලපුරුදු electrical technician ලා දන්නවා mcb tika හරියට උප පරිපථ වලට වෙන් කර ගන්න.

මෙන්න මේ හේතුව නිසයි eletrical technician ලා ගෙදරක් වයරින් කරන්න කලින් ගෙදර තියෙන ශීතකරණය ලොකු එකක් ද ,පොඩි එකක් ද ?,ටීවී එක lcd ද? ,oven එකක් තියෙනවද වගේ ප්‍රශ්න අහන්නේ. මේවට ඉතින් නිරපරාදේ ලේ පුච්ච ගන්න එපා. මොකද හරියට mcb ටික කඩා ගත්තේ නැත්තං, ඒ කියන්නේ උප පරිපථ වලට වෙන්කර ගත්තේ නැත්තං. පසුව වැඩෙ මුල ඉද්න් කරන්න ටිකක් අමරුයි.

මීට අමතරව මෙම සිඟිති පරිපථ දරා බි දිනවල තවත් විශේෂ ක්‍රියාකාරීත්වයක් ඇත. උදාහරණයක් විදිහට 5A mcb තුළින් 5A වලට වැඩි ධාරාවක් ගමන් කළොත් ඉන් ස්වයංක්‍රීයවම එම mcb එක ක්‍රිරියවිර්හිත වේ. මෙය යම්කිසි ආකාරයක ආරක්ෂක උපක්‍රමයකි. Short circuit විදුලි අනතුරකදී ක්‍රියාත්මක වෙන්නේ සිඟිති පරිපථ බිඳිනයවේ. සංවේදීතාවය වැඩි වන ආකාරය අනුව mcb වල මිල තීරණය වේ.

ඉතින් බොහොම ස්තූතියි ස්තුතියි මේ ලිපිය කියෙව්වට….. ගොඩාක් කෙටියෙන් මේ ගැන විග්‍රහ කලේ.

ලිපිය හොදයි නම් අනිත් අයටත් දැනගන්න share කරන්න

තේරු නැත්නම් කියන්න ,ප්‍රශ්න තියෙනවනම් ඒවත් අහන්න. පුළු පුළුවන් වෙලාවට පැහැදිලි කරන්නම්

5 Comments

  1. Wow great post

  2. Hi! This is kind of off topic but I need some advice from an established blog. Curt Hartory

  3. Hey, thanks for the blog article. Much thanks again. Fantastic. Elton Bastidas

  4. Yes! Finally someone writes about buy skratch labs uk. Edmund Hursh

  5. You made certain nice points there. I did a search on the topic and found most people will have the same opinion with your blog. Jake Laurila

Leave a Reply